Wednesday, October 29, 2014

ඔබේ ෆේස්බුක් ගිණුම ආරක්ශිතද ?

ඔබේ ෆේස්බුක් ගිණුම ආරක්‍ෂිතයි ද ?

      පසු ගිය දිනවල බොහොමයක් වැඩ රාජකාරි නිසා කිසිම දෙයක් ලියන්න තරම් නිදහසක් ලැබුනේ නෑ. ඒ කොහොම උනත් ඒ වෙනුවෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. වැඩ අතරේ උනත් අනිත් අයගෙන් එන ප්‍රශ්නනම් අඩු උනේ නෑ. බහුතරයකටම තිබුනේ ෆේස්බුක් ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න. ඒක නිසාම ඒගැන ලියන්න හිතුව අද. අදනම් ටිකක් වැඩියෙන් ලියන්න හිතුවේ. 
               කීප දෙනෙකුගේම ෆේස්බුක් ගිණුම් වලට වෙනත් අය අනවසරයෙන් ඇතුළු වෙලා, එහෙම නැතිනම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන. මේක ගොඩක් වෙලාවට අපේම දුර්වල තැන් නිසා වෙන දෙයක්. ඇත්තටම කියනවනම් ෆෙස්බුක් කියන්නේ ලේසියෙන් හැක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රයෝගිකව හිතල බලන්න විශාල ජනකායක් එකතු වෙලා ඉන්න තැනක් එහෙම ලේසියෙන් හැක් කරන්න පුළුවන් විදියට හදයිද කියල. බහුතරයකගේ පුද්ගලික දේවල් පවා ඇති මේ වගේ තැනක් වෙනුවෙන් එහි නිර්මාණකරුවන් ඉතාමත් හොඳ ආරක්ෂාවක් යොදනවා. ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් දරනවා. ඒවා හැමදාම යාවත්කාලීන වෙනවා. නමුත් අපේ සමහර නොදැනුවත් කම් , නොසැලකිලිමත්කම් නිසාම තමයි අපේ දේවල් අපි නොදැනුවත්වම අනුන් අතට පත් වෙන්නේ. ෆේස්බුක් ගිණුමක් රිකවර් කරන ආකාරය ගැන මම මිට කලින් ලිපියක කියල දුන්න මතක ඇති. ඒක මෙතනින් බලන්න පුළුවන් අවශ්‍යනම්. අද මම කියල දෙනවා තමන්ගේ ෆේස්බුක් ගිණුමට අපටත් නොදැනී වෙනත් කව්රුවත් අතුලුවෙලාද කියල හොයනෙන් කොහොමද කියල. ඒ වගේම මුරපදයේ ආරක්ෂාව වැඩි කරගන්න ආකාරය. 

ගිණුමට  ඇතුළු වූ අනෙක් අවස්ථා පරීක්‍ෂා කිරීම 

      මම මෙතනින් අදහස් කලේ අපේ මුරපදය වෙන කෙනෙක් වෙනස් කරලා ඇතුළු වෙලා කියන එක නෙවෙයි අපට අමතරව මුරපදය වෙනත් කෙනෙකුත් දන්නවද යන්නයි. ඒ කොහොම උනත් ඇතුල් වූ අවස්ථා බලාගන් පුළුවන්. ඔබේ ගිණුමේ පහත පේන්වා ඇති ස්ථාන වලට යන්න







   දැන් ඔබට පේනවා ඇති දැනට ඔබ ඇතුළු වී ඇති අවස්ථාව සහ පෙර ඇතුළුවූ අවස්ථාවන් පිළිබඳව. එසේම එහිදී භාවිතා කල Browser එක කුමක්ද, කුමන ප්‍රදේශයෙන්ද , කවදද කියන දේත් බලාගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් ඔබට තීරණය කරන්න පුළුවන් මේ අවස්ථාවන් ඔබගේ ඇතුළු වීමද නැතහොත් වෙනත් අයෙකුගේද යන්න. ඇතුළු වීමට භාවිතා කල උපකරණය අනුවත් මෙය වර්ගීකරණයකට ලක් වෙනවා. මෙම රූපයේ එය පෙන්වා නැහැ. නමුත් ඔබ පරික්ෂා කිරීමේදී ඔබ දුරකතනයක්, ටැබ් එකක් වැන්නක් භාවිත කරනවානම් එය ඔබට පැහැදිලිව බලාගත හැකියි. අවසාන වශයෙන් මේ ගැන දන්නා කෙනෙකුට මෙය මකා දැමිය හැකි බවද මතක තබා ගන්න. එවිටනම් කලයුතු වෙනත් කිසිවක් ඉතිරි වන්නේ නැහැ.

ගිණුමේ  ආරක්ෂාව වැඩි කිරීම 

     බොහෝ විට ඔබ භාවිත කරන්නේ ගිණුමට ඔබ ලබාදුන් සාමාන්‍ය මුර පදයයි. බොහෝ විට එය මතක තබා ගැනීම පහසු වනු පිණිස තමාගේ දුරකථන අංකයක්, උපන්දිනයක්, විශේෂ දිනයක්, පෙම්වතියගේ/ පෙම්වතාගේ නම /උපන්දිනයක් , දරුවාගේ නම, මවගේ නම, තමාගේම නම  වැනි දේ භාවිතා කරනවා. තමාගේ මුරපදයන් වෙනත් අයෙකුගේ අතට පත්වීමට හැකියාව ඇත්තේ මෙම අවස්තායි. වෙනත් අය යනු අප නොදන්නා අයම නොවේ. බොහෝ විට සිදුවන්නේ අප ලඟම සිටින කෙනෙකුගේ ප්‍රහාරයට අප ලක්වීමයි. එවැනි මුරපද ඔබ ගැන හොඳින් දන්නා කෙනෙකුට පහසුවෙන් අනුමාන කිරීමට හැකියාව තිබෙනවා. ඉන් පසු වෙන දේ ගැන මා අමුතුවෙන් පැහැදිලි කලයුතු නැතැයි සිතනවා. ඒ වගේම බොහෝ දෙනෙක් තමාගේ ෆේස්බුක් ගිණුම සාදාගන්නේ වෙනත් කෙනක් මාර්ගයෙන්. ඒ සඳහා යොදා ගන්නා ඊමේල් ලිපිනයත් එසේමයි. සාමාන්‍ය පරිදි ෆේස්බුක් මුරපදය මාරු කරගන්නා නමුත් ඊමේල් ලිපිනය අමතක කරනවා. ඔබ දැනගත යුතු බරපතලම දෙයනම් ෆේස්බුක් ගිනුමක වැදගත්ම කොටසක් වන්නේ ඊමේල් ලිපිනයයි. එයට ඇතුළු වීමට හැකි අයෙකුට ඔබේ ෆේස්බුක් ගිණුම අතට ගැනීමට ගත වන්නේ ඉතාමත් සුළු කාලයක්. මේ හේතුව නිසාම ඔබ ෆේස්බුක් ගිණුම වෙනත් අයෙකුට කියා සාදවා ගන්නවානම් අවසානයේ ඊමේල් ලිපිනයද ඔබ අතට පත් කරගන්න. එහි මුරපදයද මාරු කරන්න. එසේ නොමැතිනම් ඔබට ඇති ආරක්ෂාව ඉතාමත් අඩු බව හොඳින් සිහි තබාගන්න. ගිණුමේ ආරක්ෂාව වැඩි කරගැනීමට ෆෙස්බුක් නිර්මාණකරුවන් ක්‍රම කීපයක්ම අපට හඳුන්වා දී තිබෙනවා. මේ සියල්ලම හෝ එකක් හෝ භාවිත කිරීම ඉතාමත් සුදුසුයි. 

පහත රූපයෙන් පෙන්වන්නේ ඔවුන් ලබා දී ඇති ආරක්ෂක මෙවලම්.
 


මේවා එකිනෙක මම පැහැදිලි කරන්නම්

Login Notification
                මෙම අංගය නිසියාකාරව ක්‍රියා කිරීමට නම් දෙවන කොටස ක්‍රියාත්මක කර තිබිය යුතුයි. මෙහිදී ඔබ මීට පෙර අවස්ථාවක ෆේස්බුක් ගිණුමට ඇතුළුවීමට භාවිත නොකළ යම් උපකරණයකින් ඔබගේ ගිණුමට ඇතුළු වීම ඔබට දන්වා සිටිනවා ඊමේල් සහ කෙටි පණිවිඩ මගින්. 

Login Approvals
                          
                මේ සඳහා ඔබ ඔබේ ජංගම දුරකථන අංකය ගිණුමට ඇතුලත් කර තිබිය යුතුයි. එය දැනටමත් ඔබ කර ඇති. මේ ආකාරයට සැකසු විට මුල්ම අවස්ථාවේදී ඔබේ දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් අංකයක් ලැබෙනවා. එය නැවත මෙම පිටුව වෙත ලබා දිය යුතුයි. ඉන් පසු ඔබ ඔබේ පරිගණක යන්ත්‍රය භාවිත කර ඇතුළු වීමේදී පහත ආකාරයට ඔබගෙන් ආරක්ෂක අංකයක් විමසනු ඇත. එම අංකයද ඒ වනවිට ඔබේ දුරකතනයට ලැබෙනු ඇති. 
 ආරක්ෂක අංකය ඇතුළු කල පසු පහත ආකාරයට ඔබ භාවිත කරන බ්‍රව්සරය මතක තබාගැනීමට අසයි. ඔබ විසින් Save Browser ලෙස ලෙස ලබා දුනහොත් නැවත වරක් ඔබ ගිණුමට ඇතුළු වීමේදී එම ක්‍රියාවලිය පසු කිරීමට ඔබට අවශ්‍ය නැත. එහෙත් වෙනත් තැනකින් ඔබ ගිණුමට ඇතුළුවීමට යන අවස්ථාවක ඔබ මේ අවස්ථා පසු කල යුතුමය. Don't Saveයන්න ලබා දුනහොත් නැවත නැවතත් ඔබ ඇතුල්වන සෑම අවස්ථාවකදීම ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලිය ඔබ විසින් පසු කල යුතුය.


බැරි වීමකින් හෝ ඔබ වෙනත් තැනකදී ඔබේ ගිණුමට ඇතුල් වන අවස්ථාවකදී ඔබේ දුරකථනය ළඟ නැතිවීම  හෝ ක්‍රියා විරහිතනම් ඔබට තවත් අවස්ථාවක් මෙමගින් ලබා දේ. ඉහත Login Approvals පින්තුරයේ ආකාරයට ඔබට Get codes ස්ථානයෙන් හදිසි අවස්ථා සඳහා භාවිත කල හැකි අංක කීපයක් ලබා ගැනීමට හැක. එය පුද්ගලිකව තබා ගැනීමෙන් දුරකථනය නැතිව හෝ ගිණුමට ඇතුල්වීමට ඔබට අවස්ථාව ලැබේ. 

Code Generator
                 ඔබ භාවිත කරන්නේ Android වර්ගයේ දුරකතනයක් නම් ඒ සඳහා වෙනම ආරක්ෂක අංක ලබා ගැනීමට මේ හරහා හැකියාව ලැබේ.
 

App Passwords 
              ඔබගේ ෆේස්බුක් ගිණුම වෙනත් වෙබ් පිටු, ඇප්ලිකේෂන් සමග සම්බන්ධ කිරීමේදී ආරක්‍ෂාව සඳහා වෙනම මුරපදයක් සකස් කිරීමට මෙම කොටසින් හැකිය. 


Trusted Contacts
                        ඔබේ මුර පද වෙනස් කිරීමට කිසිම අවස්ථාවක් නැති වූ විට ඔබේ විශ්වසවන්තයින් හරහා එය කරගැනීමටත් ඔබට අවස්ථාවක් තිබෙනවා. මෙම කොටසට ඔබට විශ්වාසවන්ත කීපදෙනෙක එකතු කර තැබීමෙන් ඔවුන් මගින් ඔබේ මුරපද වෙනස් කිරීමට ඔබට හැක.


Trusted Browsers
                          මුලින් සඳහන් කල Login Approvals මගින් ඔබ save කරගන්නා බ්‍රව්සර් මෙම ස්ථානයෙන් පෙන්වයි. අවශ්‍යනම් ඉවත් කිරීමටද ඔබට හැක.


මේ දේවල් නියමාකාරව අනුගමනය කිරීමෙන් පුළුවන් ඉතාමත් හොඳ ආරක්ෂාවක් ලබා ගන්න. ඒ වගේම තමයි ඊමේල් ගිණුමේ ආරක්ෂාව. ජීමේල් වලටනම් Login Approvals වැනිම අංගයක් තියෙනවා 2 step verification කියලා. ඒකත් මේ විදියටම හදාගන්න පුළුවන්. මමනම් සාමාන්‍ය දෙයක් විදියට ඒවා භාවිතා කරනවා. ඉතින් මේ සියලුම දේවල් හරියට කරගන්න පුලුවන්නම් අපේ ෆේස්බුක් ගිණුමට කිසිම කෙනෙකුට හොරෙන් ඇතුළු වෙන්න අනවසරයෙන් ගන්න කිසිම හැකියාවක් ලැබෙන්නේ නෑ.

Sunday, August 4, 2013

Windows / Linux Bootable USB Flash drive එකක් හදාගන්නේ කොහොමද ?

Windows / Linux Bootable USB Flash drive එකක් හදාගන්නේ කොහොමද ?

        ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වින්ඩෝස් හෝ ලිනක්ස් වගේ මෙහෙයුම් පද්ධතියක් USB Flash drive එකකින් දාගන්න ගියාම ඒක Bootable විදියට හදාගන්නේ කොහොමද කියන එක. CD/DVD එකකට දාගන්නේ නැතුව මේක කරනකොට පොඩි ලාබයකුත් තියෙනවා. ඒ වගේම අවශ්‍ය නැතිනම් ආයෙ වෙන දෙයක් දාගන්නත් පුළුවන් පහසුවෙන්ම. මේ සඳහා මුලික වශයෙන්ම පිහිටුවා ගැනීමට අවශ්‍ය මෙහෙයුම් පද්ධතියේ Image File එකක් අවශ්‍යයි. ඊට අමතරව තවත් පොඩි මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මෙහිදී වින්ඩෝස් සඳහා එක් මෘදුකාංගයකුත් ලිනක්ස් සඳහා වෙනත් මෘදුකාංගයකුත් අවශ්‍ය වෙනවා. 

වින්ඩෝස්  සඳහා අවශ්‍ය වන මෘදුකාංගය මෙතනින් ලබා ගන්න 


ලිනක්ස්  සඳහා අවශ්‍ය වන මෘදුකාංගය මෙතනින් ලබා ගන්න.



දැන් අවශ්‍ය දේවල් ඔක්කොම තියෙනවා. මේ දෙකම කරන විදිය ගොඩක්ම දුරට සමානයි. ඒක නිසා මම Windows XP Bootable Flash Drive එක හදන විදිය කියලා දෙනවා. ලිනක්ස් වලට හදන විදියත් ඒ විදියමයි. හරිම ලේසියි.
මුලින්ම  win to flash කියන මෘදුකාංගය පරිගණකයේ පිහිටුවා ගන්න ඕන. එක කරගෙන ක්‍රියාත්මක කරන්න. 


මෙතනින් අපට අදාල මෙහෙයුම් පද්ධතිය තෝරාගන්න ඕන. මේ විදියට වෙනත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් උනත් හදාගන්න පුළුවන්. 


දැන් ඉහත රූපයේ පෙන්වල තිබෙන ආකාරයට පෙරදී Download කරගත් Image File එක තිබෙන තැන සහ පෙන් ඩ්‍රයිව් එක තියෙන තැන හරියට පෙන්වන්න ඕන. ඉන්පසු රූපයේ ආකාරයට Run කියන එක ඔබන්න. 

රුපයේ ආකාරයට ඉතිරි ටිකත් කරන්න. දැන් ටික වෙලාවක් ඉන්න වෙනවා අදාල ගොනු පෙන් ඩ්‍රයිව් එකට කොපි වෙනතුරු. ලිනක්ස් එකට හදා ගන්නකොටත් මේ ආකාරයටමයි. පොඩි පොඩි වෙනස් කම් ටිකක් විතරයි. හැබැයි ඒකට අදාල මෘදුකාංගය පාවිච්චි කරන්න. 




දැන් ඒ විදියට හදාගත්තු Bootable Flash Drive එක භාවිතා කරලා මෙහෙයුම් පද්ධතිය පිහිටුවා ගන්න පුළුවන්. මේක කරන්න ගියාම ප්‍රශ්න මතු උනොත් ඒවා මට ඉදිරිපත් කරන්න. මම සූදානම් උදව් කරන්න.

Friday, August 2, 2013

ඔබේ PEN Drive එක FORMAT කරන්න බැරිද ? මෙන්න විසඳුම...

ඔබේ PEN Drive එක FORMAT කරන්න බැරිද ? මෙන්න විසඳුම්...


    ගොඩක් අයට එන ප්‍රශ්නයකට හොඳ විසඳුමක් දෙන්න තමයි අද මම ආවේ. කීප දෙනෙක්ම මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවා. විසඳුම් හොයල දුන්නත් හැමෝටම බලන්න ලියන්න බැරි උනා. ඔන්න අද දෙනවා ඒකට විසඳුම. සමහර පෙන් ඩ්‍රයිව් එහෙම නැතිනම් USB Flash Drive සමහර වෙලාවට FORMAT කරන්න දෙන්නේ නැතිව යනවා. කිසිම දෙයක් කරගන්න බැරිව තමන්ගේ පෙන් ඩ්‍රයිව් එක ඉවත් කරපු අයත් මම දැකල තියෙනවා. නමුත් මේ ප්‍රශ්නය නිවැරදි කරගන්න පුළුවන් දෙයක්. වයිරස් බලපෑම නිසා Windows Registry එකේ සිද්ද වෙන වෙනසක් හේතුවෙන් තමයි මේක සිද්ද වෙන්නේ. මේක නිවැරදි කරගන්න ක්‍රම කීපයක්ම තියෙනවා. මම කියල දෙන්නම් ක්‍රම දෙකක්ම.

පළමු ක්‍රමය
-------------
        මුලින්ම ඔයාලා හැමෝම දන්නා Regedit.exe කියන ඇප්ලිකේෂන් එක OPEN කරගන්න ඕන. Windows XP වලනම් Run කියන එකට ගිහින් Regedit කියල ටයිප් කරලා එන්ටර් කරන්න. Windows 7 වලනම් Start ක්ලික් කරලා search programs and files කියන තැන Regedit කියල ටයිප් කරලා එන්ටර් කරන්න. ඒකෙ පහලින් ලියල තියෙන තැනට යන්න ඕන 

Computer\HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies

ඊට පස්සේ පහත රූපයේ පෙන්වා තියෙන ලෙසට Write protect value කියන එක ඩබල් ක්ලික් කරන්න ඕන. ඒකෙ පෙනෙන්න තියෙන Value Data කියන එක 0 ලෙසට වෙනස් කරන්න ඕන. 
 ඊට පස්සේ OK කරලා ඇප්ලිකේෂන් එක වහලා දාලා පරිගණකය Restart කරන්න ඕන.  ඉන්පසු නැවතත් USB Flash Drive එක පරිගණකයට සම්බන්ධ කරලා ෆොර්මැට් කරන්න පුලුවන්ද කියලා බලන්න. StorageDevicePolicies කියන එක හොයාගන්න නැතිනම් එම කොටස අපිටම හදලා දාගන්නත් පුළුවන්. මෙහිදී Control\ කියන තැන ක්ලික් කරලා වම්පසින් තිබෙන කොටසේ හිස් තැනක Right click කරලා New - Key කියලා දීලා අලුත් එකක් හදාගන්න. නම හරියටම දෙන්න ඕන StorageDevicePolicies කියලා. ඒක ඇතුලේ ඉතිරි එකත් හදාගන්න ඕන. ඉතිරි එක DWORD කියන Value එකෙන් හදාගන්න ඕන. ඊට පස්සේ මුල් පියවර ටික අනුගමනය කරන්න ඕන. ඔබ විසින් කලයුත්තේ එපමණයි. එය සාර්ථක නැති නම් දෙවන ක්‍රමයට යන්න පුළුවන්.
 
දෙවන ක්‍රමය
---------------
      දෙවන ක්‍රමයේදී භාවිත කරන්නේ Command Prompt එක. මේ සඳහා Command Prompt එක Administrator Privileges සහිතව ඕපන් කරගන්න ඕන. එහෙම නැතුව මේක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට කරන්න තියෙන්නේ Command Prompt එක තියෙන තැනට ගිහින් ඒක උඩ Right click කරලා Run as Administrator කියන එක ක්ලික් කරන්න. එතකොට සාමාන්‍ය විදියටම Command Prompt එක ඕපන් වෙනවා. දැන් පහත පියවර ටික නිවැරදිව අනුගමනය කරන්න.

# diskpart

# list disk
මෙහිදී  ඔබගේ USB Flash Drive එකත් ඇතුළුව අනෙක් මතකයන් පෙන්වනවා.
# select disk X 
( "X" යන තැනට ඔබේ Drive එකට අදාල අංකය ලබා දෙන්න.)

# attributes disk clear readonly

# clean

# create partition primary

# format fs=fat32 (මෙහි "fat32" යන්න වෙනුවට "ntfs" ලෙසද ලබාදිය හැක.)

# exit

බොහොම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්. දිගට පෙනුනට කරන්න ගියාම හරිම කෙටියි, පහසුයි. කරලම බලන්න. ප්‍රශ්න ආවොත් ඉදිරිපත් කරන්න.

Friday, April 12, 2013

ඔබේ පරිඝනකයෙන් 3D Movie බලමු

ඔබේ පරිඝනකයෙන් 3D Movie බලමු

                   පහුගිය කාලෙම 3D Movie එකක් මගේ ලැප්ටොප් එකෙන් බලන්න හරි ආසාවෙන් හිටියා. සල්ලි දීල හොඳ 3D Movie එකක් බලන්න සැවෝයි එකට යන්න වෙලාවක් කොහෙන්ද ඉතින්. ඒකට ක්‍රමයක් හෙව්වා. ඔන්න ඒකෙ ප්‍රතිපල තියෙනවා. අද මම කියල දෙන්නම්  ඔයාලගේ පරිඝනකයෙන් 3D Movie බලන හැටි. 
              ඉස්සර වෙලාම ඒකට අවශ්‍ය කරන දේවල් ටික මම කියන්නම්. 3D Movie බලන්න පුළුවන් කන්නාඩි දෙකක් ඕන වෙනවා ප්‍රධාන වශයෙන්ම. ඒ වගේම 3D Movie එකක් හොයාගන්න වෙනවා. දැන් ඕන තරම් අන්තර්ජාලයේ තියෙනවා නොමිලේම බාගන්න පුළුවන්. 3D Movie කියලා ගූගල් එකේ හොයලා බලන්න. එහෙම හොයා ගන්න අමාරුනම් ඒකටත් මම විසඳුමක් දෙන්නම්. තමන් කැමති  Movie එකක් 3D Movie එකක් විදියට හදාගන්නත් පුළුවන්. 3D Movie බලන්න පුළුවන් කන්නාඩියක් වෙළඳපොලෙන් දැන් මිලදී ගන්න පුළුවන් සාමාන්‍ය මුදලකට. එහෙම නැතිනම් තමන්ටම හදා ගන්නත් පුළුවන්. මෙන්න ඒ ගැන කියලා තියෙන ලින්ක් එකක්. මේක හරිම පහසුයි. http://adf.ly/VSiSI  ඊලඟට 3D Movie බලන්න පුළුවන් Player එකක් තියෙන්න ඕන. ඒක මෙන්න මෙතනින් බාගන්න.  3D Movie එකක් හොයා ගන්න බැරිනම් ඔයාලා ළඟ තියෙන එකක් 3D Movie එකක් විදියට හදාගන්න. ඒක කරන්න පුළුවන් මෘදුකාංගය මෙතනින් බාගන්න
                 දැන් ඕන කරන හැම දේම තියෙනවා. බලන්න විතරයි තියෙන්නේ. ඒත් මේවා බලන්න නම් Player ඒක හරියට හදාගන්න ඕන. සාමාන්‍ය විදියට Player එක ඕපන් කරලා 3D Movie එකක් Load කරගන්න. මෙනු බාර් එකේ තියෙන Input Format කියන එක Interlaced කරගන්න ඕන. ඊට පස්සේ Output Format කියන එක Color code 3-D කියන එකට දාගන්න ඕන. දැන් Movie එක Play කරලා යට තියෙන Stereo Window කියන Control එක ඇසට පහසු ප්‍රමාණයට සකසා ගන්න. තවත් විශේෂ දෙයක්. මේ කන්නාඩි දෙක දාගත්තම සාමාන්‍ය තත්වයට වඩා ටිකක් අඳුරු ගතියක් එනවා. ඒක නිසා Display එකේ Brightness හැකි තරම් වැඩි කරගන්න. එතකොට හොඳ පැහැදිලිව පේනවා. දැන් ඉතිරි වෙලා තියෙන්නේ රස විඳින්න. මම මේ විදියට 3D Movie කීපයක්ම බැලුවා. හොඳ අද්දැකීමක් උනා.

සල්ලි ටිකක් හොයාගන්න ක්‍රමයක්